API Platform
විජය විලාපය
ai-watermarkවිජය විලාපය

විජය විලාපය

Epic cinematic Sri Lankan historical ballad, ancient kingdom soundtrack, tragic royal love story of a king and queen, emotional duet, majestic yet heartbreaking atmosphere, powerful male and female vocals, orchestral strings, bamboo flute, ethnic Sri Lankan percussion, deep cello, distant war horns, ocean waves ambience, royal court grandeur, noble and heroic emotion fading into regret and loss, slow tempo 70-75 BPM, minor key, expressive melodies, dramatic crescendos, haunting harmonies, cinematic film score, themes of sacrifice, destiny, betrayal, separation and eternal love, immersive historical storytelling, emotional final chorus with soaring vocals, timeless masterpiece, rich acoustic instrumentation, authentic ancient island kingdom feeling. DO: cinematic, orchestral, emotional, royal, historical, ethnic folk elements, dramatic dynamics, haunting atmosphere, powerful duet vocals, soundtrack quality, majestic and melancholic mood. DON'T: EDM, trap, rap, hip-hop, electronic

2026-06-21 06:03:37

V3.0

විජය විලාපය

(4-Minute Duet Version)

[Verse 1 – විජය]

කුමරියේ සුපෙම් ඔබ

කොතැනක ගිය කියන්

කුල මානෙන් වෙලා උදම්

කළ පාපය මෙසේ ගෙවම්

කුමට රජ බොජුන් අද

දෙදරුන් නෙතට නෑ දසුන්

සිඳ බිඳලූ ඔබේ පැතුම්

මට අද නෑ නිමක් රිදුම්

[Chorus – විජය]

කොහෙද නුඹ කුවේණියේ

මගේ හීන සැඟවුණේ

රජ කිරුළ හිස මත තිබුණත්

හදවත නුඹ ගෙන ගියේ

තම්මැන්නාවේ රළ බිඳෙයි

ඒ මා හෙලූ කඳුළුමයි

ලෝකයක් මා දිනාගත්තත්

ප්‍රේමයෙන් මා පැරදුණයි

[Verse 2 – කුවේණි]

හිමියනේ අසන් මට

හමු වූ දිනේ පටන්

ඔබ මට සිනා වූ තරම්

මා මං මුලාවූ තරම්

අතර මගකදී බැඳි

සෙනෙහසක් නිසා

ඔබ රජ කිරුළ ලැබූ දිනේ

මා ලොවම දුන්නා

දිනෙක එනු දනිම් මට

ගැරහුම් දොස් රැසක්

පිය සොයුරුන් පෙලූ පවින්

අඳුර පමණයි උරුමක්

[Chorus – Duet]

කොහෙද මා පුතුන් අද

උරුමය නොදුටු නෙතුන්

සඳ තරුත් ඈත බැස ගිහින්

තනිවෙලා මේ සිත් දෙකම

කොහෙද නුඹ කුවේණියේ

කොහෙද මා විජයනේ

ලෝකයක් අප වෙන් කළත්

ආදරේ තව ජීවමානේ

[Bridge – Duet]

විජය:

සමාවක් ලැබේද මට

කාලය යළි හැරේද

කුවේණි:

අහිමි වූ සෙනෙහසට

පිළිතුරක් ලැබේද

දෙදෙනා:

ගිය මග යළි නොඑන බව

දන්නවා අද අපි

එහෙත් හදේ ඉතිරි වූ

නම එකයි සදාකල්

[Final Chorus]

කොහෙද නුඹ කුවේණියේ

මගේ හීන සැඟවුණේ

රජ කිරුළ හිස මත තිබුණත්

හදවත නුඹ ගෙන ගියේ

සීනෙක හෝ වෙලී හොරෙන්

ප්‍රේමය නම් කිමැයි කියන්

ලෝකයක් අප වෙන් කළත්

ආදරේ මැරෙන්නෙ නෑ

සීනෙක හෝ වෙලී හොරෙන්...

ප්‍රේමය නම්.................. කිමැයි කියන්...

Comments

0/500

Love it!

Nice voice

So moving